අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

Report

අද(16) දින සඳහා කාලගුණ අනාවැකිය උදෑසන 05.30 ට නිකුත්කර ඇත.

ඒ අනුව එහි, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ‘ගැඹුරු පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වී ඇති බව දැක්වේ.

ඒ අනුව ඊයේ ප.ව. 11.30 වන විට මෙම පද්ධතිය, ත්‍රිකුණාමලය සිට කි.මී. 640 ක් පමණ දුරින්, ඊසාන දෙසින් ස්ථානගත වී තිබුණු බවත් තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ඇදෙමින් අද දින (නොවැම්බර් 16) සවස් කාලයේදී දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘සුළි කුණාටුවක්’ දක්වාත්, නොවැම්බර් 17 වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘ප්‍රබල සුළි කුණාටුවක්’ දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

එසේම දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයේ සිට (16) බලාපොරොත්තු වේ.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණ පළාත්වල සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන අතර ඌව පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

මිල වැඩි කළ ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් විශේෂ නියෝගයක් - හෙට වෙන්න යන දේ මෙන්න

මිල වැඩි කළ ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් විශේෂ නියෝගයක් - හෙට වෙන්න යන දේ මෙන්න

අස්වැසුම ගෙවීම් දිනය මෙන්න - අලුතින් සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහාත් මුදල් දීමනා

අස්වැසුම ගෙවීම් දිනය මෙන්න - අලුතින් සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහාත් මුදල් දීමනා