රෝහිත රාජපක්ෂ ක්‍රිකට් පිටියටත් එයි...සම්පූර්ණ විස්තරය මෙන්න(PHOTOS)..

Cricket Kaluthara Mahinda Rajapakshe Namal Rajapakshe Rohitha Rajapakshe
By Aruna Oct 27, 2021 08:55 AM GMT
Aruna

Aruna

Report

රටම සොයමින් සිටි පැනයට පිළිතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පන්දු වාර 50 ක්‍රිකට් තරගාවලිය අද(27) ආරම්භ විය.

ඒ අනුව තරගාවලියේ මූලික වටයේ තරඟ නොවැම්බර් මස 24 දක්වා පැවැත්වීමට නියමිතයි.

අද පැවැත්වෙන තරගයකදී කළුතර නාගරික ක්‍රීඩා සමාජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ ක්‍රීඩා කිරීමට නියමිතයි.

කළුතර නාගරික ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායමට අතර පන්දුවාර 50 ක්‍රිකට් තරගය මේ වන විට වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

පසුගිය දින වලදී මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වල නිරත වූ රෝහිත රාජපක්ෂ ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි.

සෑම වර්ෂයකම අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය ආරම්භ වීමට පෙර ක්‍රීඩකයන් සුහදව පිළිගනු ලබන අතර එම අවස්ථාවේදී තරගාවලියට එක්වන ක්‍රීඩයන්ට නිල ඇඳුම් බෙදා දෙනු ලබයි.

ඊයේ(26) සවස පැවැති ක්‍රීඩකයන් පිළිගැනීමේ උත්සවයේදී රෝහිත රාජපක්‍ෂට ඔහුගේ කණ්ඩායම් ඇඳුම කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපති දීපාල් පෙරේරා මහතා විසින් පිරිනමන ලදි.

GalleryGallery