"..නිහඩව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා.." රාජපක්ෂවරුන්ට කඩේයාම ගැන පශ්චාත්තාප වෙනවා..!

Sri Lanka protest musician Rohana Weerasinghe Nandha Malani Sunil Ariyarathna
By Sewvandhi Apr 12, 2022 06:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ සටනේදී සහයෝගය දැක්වූ ප්‍රවීණ සංගීතඥා ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ රජයට එරෙහි ජනතාව ගෙන යන අරගලයට සහයෝගය පළකර තිබේ.

රෝහණ වීරසිංහ මහතා සිය ‘ෆේස්බුක්’ පිටුවේ පහත සටහන යොදා තිබේ.

අපේ ආදරණීය නන්දා අක්කාත් සුනිල් අයියාත් අද ගෝටාගෝ ගම අරගල භූමියට යාමත් සමග මගේ නිහඩ බව ගැන බොහෝ දෙනෙක් දැන් විමසනවා. ඇත්තෙන්ම මුලු හදවතින්ම මා මේ අරගලයට සුබ පතනවා! ආශීර්වාද කරනවා. බොහෝ දෙනා මාවෙත ඇගිල්ල දිගුකරන අයුරු කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්.

මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක් ඇතිවූ බව මම හිතට එකගව පිලිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්. 2019 දී මාද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි. ඒ වනවිට ශ්‍රී ලංකාවේ මුලු දේශපාලන ක්ෂේත්‍රය පිළිබදවම අසීමිත කළකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන්ම මමත් ඒ සිහින බලාපොරොත්තුවලට යටවුන බව සත්‍යයක්.

ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි. හොරකම- දූෂණය - වංචාව පවුල්වාදය - අවනීතිය - අකාර්‍යක්ෂමතාව - නිර්ලජ්ජිත බව මේ පාලනය තුළ පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි. නිහඩව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා. අරගලයට ජයවේවා”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now