මේ පාරෙන් යන්න එපා -පස් කන්ඩි වැටිලා ගමනාගමනයට අවධානමක්
මහනුවර, පන්විල, බඹරැල්ල මාර්ගයට ස්ථාන කිහිපයකින් ගල් පෙරළී ඇත.
එම මාර්ගයට පස් කණ්ඩි කඩා වැටී තිබෙන බවද තොරතුරු වාර්තා වේ.
තවදුරටත් මෙම මාර්ගයේ මෙවැනි අනතුරු පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන අතර මේ අයුරින් මධ්‍යම කඳුකරය ආශ්‍රිතව පවතින අධික වර්ෂාව නිසා බොහෝ කඳුවල පස් කණ්ඩි කඩා වැටීමේ සහ ගල් පෙරළීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.