විශාල ගින්නක් - සිව්මහල් වෙළදසැල සම්පූර්ණයෙන්ම විනාශයි

Report

රාගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.සෙල්වකුමාර් මහතා පවසා ඇත්තේ ඊයේ (27) දින රාත්‍රියේ නුවරඑලිය රාගල නගරයේ සිව් මහල් නිමි ඇදුම් වෙළදසැලක හට ගත් ගින්නකින් එම නිමි වෙදළසැල සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇති බවයි.

පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ (27) දින රාත්‍රි 7:30ට පමණ එම වෙළදසැලේ කිසිවෙකු නොසිටි අවස්ථාවේ ගින්න හට ගත් බවත්, පැතිර ගිය ගින්න රාගල පොලිසියේ නිළධාරින්, ප්‍රදේශවාසීන් සහ නුවරඑලිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ බට පිරිස් එක්ව (28) දින අලුයම පාලනය කල බවයි.

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

රාගල පොලිසිය පවසා ඇත්තේ ගින්නට හේතුව වෙළදසැල වසා දමා තිබූ අවස්ථාවේ එම වෙළදසැලට විදුලිය ලබා ගැනීම සදහා ක්‍රියත්මක කර තිබූ විදුලි ජනක යන්ත්‍රයෙන් ඉන්ධන කාන්දු විමෙන් හට ගත් ගින්නක් බවට සැක කෙරෙන බවත්, ගින්නෙනේ සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි ගින්න පිලිබද පරික්ෂණ පවත්වන බවයි.

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි