වැලිගම ඝාතකයාවත් ඇන්දූ කැකිරාවේ වඩේ වෙළෙන්දා - කරපු දේ මෙන්න
පසුගියදා අත්අඩංගුවට ගැනුණු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයේ වෙඩික්කරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බව අනාවරණය වේ.
ඒ අනුව ඔහු අයිස් මත් මත්ද්‍රව්‍ය සොයමින් යන අවස්ථාවකදී මෙයාකාරයෙන් පොලිස් රැහැණට අසු වී තිබේ. ඒ අනුව සිදුකෙරූ ප්‍රශ්න කිරීම් වලදී ඔහුව තවත් පුද්ගලයෙකු විසින් රවට්ටා තිබෙන බවට අනාවරණය වේ.
ඒ අනුව ඔහු වඩේ වෙළෙන්දෙකුට මත්ද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් රුපියල් පනස්දහසක මුදලක් ලබා දී ඇති බවට පාපොච්චාරණය කර තිබේ.
එහිදී මුල් අවස්ථාවේදී වඩේ වෙළෙන්දාට රුපියල් 25000ක මුදලක් ලබා දී තිබුණේ මත්ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා බව ඔහු ප්‍රකාශ කරයි. ඒ අනුව දෙවැනි වරට වෙඩික්කරු නැවතත් රුපියල් 25000ක මුදලක් රැගෙන වඩේ වෙළෙන්දා හමුවීමට ගොස් තිබෙන අතර ඔහු පලා ගොස් ඇති බවට අනාවරණය වේ.