වාහනවල ආසන පටි පැලඳීම ගැන විශේෂ තීරණයක්

Report

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් සහ සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය දා නිකුත් කර තිබුණි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසිනුයි එම ගැසට් පත්‍රය නිකුත්කර ඇත්තේ. ඒ අනුව මගීන් විසින් ආසන පටි පැලඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර අත.

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මරණ සහ බරපතළ තුවාල සිදුවීම් අවම කිරීම පිණිස අංක 2455/29 හා 2025-09-25 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදන ලද 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරනු ලැබ ඇත.

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

එමඟින්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබේ.

විශාල ගින්නක් - සිව්මහල් වෙළදසැල සම්පූර්ණයෙන්ම විනාශයි

විශාල ගින්නක් - සිව්මහල් වෙළදසැල සම්පූර්ණයෙන්ම විනාශයි