දියවැඩියාවට බය වුණ කාලේ ඉවරයි මෙන්න සුබ ආරංචියක්
නිදන්ගත රෝගයක් ලෙස ලොව පුරා මිලියන 830 කට වැඩි පිරිසක් පීඩාවිඳින දියවැඩියාව මුලින්ම හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වුවහොත්, එය ආපසු හැරවීමට හෝ සමනය කිරීමට හැකියාව ඇති බව නවතම සොයාගැනීමකින් හෙළිව ඇත.
ඒ අනුව මැසචුසෙට්ස් හි ජොස්ලින් දියවැඩියා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික වෛද්‍ය ඔසාමා හැම්ඩි විසින් ලොව පුරා සිටින දියවැඩියා රෝගීන්ගෙන් 91%ක් දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන බව සඳහන් කරයි.
එසේම දියවැඩියාව යනු අන්ධභාවය, වකුගඩු අකර්මන්‍යතාවය සහ හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන රෝගී තත්ත්වයක්.
එහෙත් ඔහු පැවසුවේ මෙය ජීවිත කාලය පුරාම ගත කිරීමට අවශ්‍ය තත්වයක් නොවන බවයි.
මේ අතර 02 වැනි වර්ගයේ දියවැඩියාව ඇති වන්නේ ඉන්සියුලින් ප්‍රතිරෝධය හෝ ප්‍රමාණවත් නොවන ඉන්සියුලින් නිෂ්පාදනය හේතුවෙන් බව සඳහන්. රුධිරයේ අතිරික්ත ග්ලූකෝස් අවයවවලට විෂ සහිත වන අතර රුධිර වාහිනීවලට හානි කරයි.
මේ නිසා දියවැඩියාව අත් පා කැපීමට, හෘදයාබාධ හා ආඝාතයට ප්‍රධාන හේතුවක් වේ.
එමෙන්ම මෙය ආපසු හැරවීමේ ප්‍රධාන ක්‍රමයක් වන්නේ බර අඩු කර ගැනීමයි. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ මෙය දියවැඩියාව සමනය කිරීමට වඩාත් ඵලදායී ක්‍රමයක් වන බවයි.
ඉන්සියුලින් ප්‍රතිරෝධය ආමාශය වැනි අවයව වටා ඇති අභ්‍යන්තර මේද ඉහළ මට්ටම් සමඟ සමීපව සම්බන්ධ වේ.
එබැවින් ශාරීරික ක්‍රියාකාරකම් බර අඩු කර ගැනීමට අමතරව, මාංශ පේශි ශක්තිමත් කරන අතර රුධිරයෙන් ග්ලූකෝස් උරා ගැනීමට ඇති හැකියාව ද වැඩි කරන බව වාර්තා වේ.
ඒ අනුව සතියකට අවම ලෙස පැය 2.5 ක මධ්‍යස්ථ ශාරීරික ක්‍රියාකාරකම් සහ සතියකට දෙවරක් ශක්ති පුහුණුවක් ලබා ගත යුතු බව ඇමරිකානු දියවැඩියා සංගමය නිර්දේශ කරයි. මෙයට ආහාර පාලනය සහ ජීවන රටාව ද ඉතා වැදගත් වේ.
එසේම සම්පූර්ණ කැලරි ප්‍රමාණය අඩු කිරීම සහ සුදු පාන්, සුදු බත් සහ පැස්ටා වැනි පිරිපහදු කළ ධාන්‍ය ගැනීම සීමා කිරීම ද වැදගත් වේ. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ එකතු කළ සීනි සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සහ ඉහළ ග්ලයිසමික් දර්ශකයක් සහිත ආහාර සීමා කිරීම අත්‍යවශ්‍ය බවයි.
එමෙන්ම පර්යේෂකයින් පවසන්නේ තන්තු සහ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කිරීම, දිනකට වතුර වීදුරු අටක් පානය කිරීම, ආතතිය අඩු කර ගැනීම සහ පැය 7 ත් 9 ත් අතර ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වන බවයි.
කෙසේ වෙතත් දියවැඩියාව සමනය වී ඇති ලෙස සලකන්නේ ඖෂධ නොමැතිව අවම ලෙස මාස තුනක්වත් ග්ලූකෝස් මට්ටම රෝග විනිශ්චය සඳහා වන සීමාවට වඩා අඩුවූ විටයි.
එසේම විශේෂඥයෝ විසින් දියවැඩියාවේ කාල සීමාව කෙටි නම් සහ බර අඩු කර ගැනීමේ ප්‍රතිශතය ඉහළ නම්, සමනය වීමේ මට්ටමේ ග්ලූකෝස් සංඛ්‍යා දින කිහිපයකින් හෝ සති කිහිපයකින් දැකීමට හැකි බව දක්වයි.
එහෙත් සැලකිය යුතු ආකාරයට බර වැඩි වුවහොත් හෝ අහිතකර ආහාර පුරුදු යළි ඇති වුවහොත් රෝගය නැවත ඇතිවිය හැකි බව මතක තබා ගැනීම වැදගත් බව පර්යේෂකයන් අවධාරණය කරයි.
 
                 
                     
                                             
         
     
     
     
     
     
     
                            ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
        ![පාර්ලිමේන්තුව ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/e9de7634-e7a1-4c4b-8e5f-6f353bcfe7d3/25-68f85aabae4a3-sm.webp) 
        ![ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමේ දර්ශන මතුපිටට මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/affd5cd1-8134-4e3a-9d28-948e83007ac9/25-68f7ac794771e-sm.webp) 
        ![පක්ෂ අරමුදලට බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දුන්නත් අපිට කමක් නෑ අපි කතා කරන්නේ මන්ත්‍රී දීමනා ගැන - ගම්මන්පිල [VIDEO]](https://cdn.ibcstack.com/article/369fe2d8-5491-4b76-a1aa-e376938006a4/25-68f7357509db9-sm.webp) 
        ![අද දින පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/1d5ea822-6c39-417c-b13d-51d8b42ff237/25-68f70e0059a27-sm.webp) 
        ![මේක වසංගතයක් ඒ අස්සේ මාලිමා ආණ්ඩුව LGBTQ ප්‍රවර්ධනයට උඩවැඩි දෙනවා - චන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/4de83780-258b-48e0-9ec4-623fbfd40167/25-68f376d9b7ce1-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        