හමාස් සටන්කාමීන්ගෙන් රොකට් ප්‍රහාර.

Israel World Israel-Hamas War
By Hashini Oct 17, 2023 03:59 AM GMT
Hashini

Hashini

Report

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හෙට (18) ඊශ්‍රායලයේ සංචාරයක නිරත වීමට නියමිතයි.

හමාස් සටන්කාමීන්ට එරෙහිව දියත් කර ඇති යුද්ධයේ නවතම තත්ත්වය සොයා බැලීම එම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ප්‍රකාශ කරන්නේ හමාස් සටන්කාමින් මුලින් උපුටා දැමිය යුතු බවත් එම කටයුත්තේදී සිවිල් වැසියන්ට හානි වීම වැළක්විය යුතු බවත්ය.

ඊශ්‍රායලයේ ජෙරුසෙලම් සහ ටෙල් අවිව් නගරවලට හමාස් සටන්කාමීන් ඊයේ දිනයේද (16) රොකට් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ගාසා තීරයේ රෝහලේ පද්ධතිය මේ වනවිට සම්පුර්ණයෙන්ම බිඳ වැටි ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ.


ReeCha