තියුණු ආයුධ පෙන්වා දුරකථන හා මුදල් කොල්ලකෑමේ නිරත වූ කල්ලිය

ROBBERY MONEY PANADURA PHONE
By Sewvandhi Nov 04, 2021 01:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පානදුර හා අවට ප්‍රදේශවල වෙළඳසැල් වලට ඇතුළු වී තියුණු ආයුධ පෙන්වා මුදල් කොල්ලකෑමේ නිරත වූ කල්ලියක සාමජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශය ඊයේ සමත් වුණා. මේ පුද්ගලයින් මහමග ගමන් ගන්නා කාන්තාවන්ට තියුණු ආයුධ පෙන්වා ජංගම දුරකථන හා මුදල් පැහැර ගෙන ඇති බවටද කරුණු අනාවරණය වී තිබෙනවා.

එසේම මෙම කල්ලිය වෙළඳසැල් වලටද ඇතුළු වී තියුණු ආයුධ පෙන්වා මුදල් පැහැර ගෙන ඇති අතර වෙළඳසැලකින් මුදල් පැහැර ගන්නා ආකාරය සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණා. පොලිස් අත්අඩගුවට පත් වූ මේ සිද්ධියට සම්බන්ධ තරුණයින් අවුරුදු 28 හා 32 අතර වයසේ පසුවන අතර ඔවුන් පිංවත්ත සහ වාද්දුව ප්‍රදේශවල පදිංචි කරුවන්.

ඔවුන් සොරාගත් ජංගම දුරකථන දෙකක් හා කොල්ලකෑම් සඳහා භාවිත කළ ආයුධ 03 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර අපාරාධ කොට්ඨාශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් යතුරු පැදි සොරාගෙන අළෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන පුද්ගලයන් 07 දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් පන්නල ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිරිස සොරාගෙන අළෙවි කල බව කියන යතුරු පැදි 08 ක් පොලිසියෙන් සොයා ගනු ලැබුවා.

ව්‍යාඩ අංක තහඩු තොගයක් ද ජාවාරම මෙහෙයවූ බව කියන පුද්ගලයාගේ පන්නල කඳාන ගෙදර ප්‍රදේශයේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ පිරිස සොරා ගන්නා යතුරු පැදි ලීසිං වාරික ගෙවාගත නොහැකි හා ලියාපදිංචි සහතික අස්ථාන ගත වූ ඒවා බව කියමින් අඩු මුදලට අළෙවි කර ඇති බවයි පොලිසිය පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW