හෙට සිට නැවත දැනුම් දෙන තුරු කොළඹට යන පාරක් වැසේ.

colombo sri lanka galle Wallawaththa
By Sithumi Jun 13, 2021 04:38 PM GMT
Sithumi

Sithumi

Report

හෙට (ජූනි 14) සිට වැල්ලවත්ත ප්‍රදේශයේ ගාලු පාර ඔස්සේ කොළඹ දෙසට වාහන ධාවනය වන මංතීරුවල වාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

 වැල්ලවත්ත ප්‍රදේශයේ මල අපවහන පද්ධතියේ ඇති වී තිබෙන දෝෂයක් හේතුවෙන් එය ක්ෂණිකව අලුත්වැඩියා කිරීමට සිදු වී ඇතැයි කොළඹ මහ නගර සභාව දන්වා ඇති බවත් එම නිසා මෙලෙස වාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේය. 

 ඔහු පැවසුවේ, එම අලුත්වැඩියා කිරීමේ කටයුතු හෙට උදෑසන ආරම්භ කිරීමට නියමිත බවත් එයට දින 3-4ක කාලයක් ගත වනු ඇති බවට කොළඹ මහ නගර සභාව දැනුම් දුන් බවත් ය. ඒ හේතුවෙන් ගාලු පාරේ කොළඹ දෙසට පැමිණෙන වාහන මුහුදු මාවත ඔස්සේ හරවා යැවීමට රථ වාහන පොලිසිය ක්‍රියා කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එම නිසා එම අලුත්වැඩියා කටයුතු නිම වන තුරු වැල්ලවත්ත ප්‍රදේශයේ කොළඹ දෙසට පැමිණෙන වාහන ගමනාගමනය සීමා වීමට ඉඩ ඇති බවත් ඒ සම්බන්ධයෙන් විකල්ප මාවතක් ලෙස මුහුදු මාවත යොදා ගන්නා ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 

දැනට දැනුම් දී ඇති පරිදි කොළඹ සිට දෙහිවල දෙසට වාහන ගමන් ගන්නා මංතීරුවල වාහන ගමනාගමනය අවහිරවීමක් සිදු නොවන නමුත් දෙහිවල සිට කොළඹ දෙසට වාහන ගමන් ගන්නා මංතීරුවල අවහිරවීමක් සිදු විය හැකි බව ඔහු පැහැදිලි කළේය.