බස් – ලොරි අනතුරින් පාසල් සිසුන් 15කට අමාරුයි

By Shehan Mar 27, 2025 03:59 AM GMT
Report

හොරණ-රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ඉංගිරිය පොලීසිය පවසයි.

පොලීසියට අනුව, තුවාල ලැබූවන් අතර ලොරියේ රියදුරු සහ ඔහුගේ සහායක ද වෙති.

තවම දැඩි සත්කාර ඒකකයේ - ඔක්සිජනය ගලවලා පැත්තකට දාලලු! (VIDEO)

තවම දැඩි සත්කාර ඒකකයේ - ඔක්සිජනය ගලවලා පැත්තකට දාලලු! (VIDEO)

තුවාලකරුවන් මුලින් ඉංගිරිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ අතර, එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ ලොරි රියදුරුගේ සහායක ඇතුළු පාසල් සිසුන් කිහිප දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත මාරු කර එවා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ පෞද්ගලික බස් රථය හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ අතර, කුඩා ලොරිය ඉංගිරිය දෙසට පැමිණෙමින් තිබුණා.

මේ සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මාලිමාව Youtube, Tiktok වලින් ගහපු ගේම - රජය ඩොලර් බිලියන 7.3ක ණයක් ගන්න සොයයි..

මාලිමාව Youtube, Tiktok වලින් ගහපු ගේම - රජය ඩොලර් බිලියන 7.3ක ණයක් ගන්න සොයයි..