සහල් සම්බන්ධයෙන් ජනතාවට සතුටුදායක ආරංචියක්.!!
By Aruna
ලබන සතිය වනවිට වෙළෙඳපොළට දේශීය රතු කැකුළු සහල් තොග පැමිණෙනු ඇති බව පිටකොටුවේ සහල් තොග වෙළෙඳුන් ප්‍රකාශ කර සිටිනවා.
තොග වෙළෙඳුන් මේ බව ප්‍රකාශ කළේ, දිවයිනේ ප්‍රදේශ රැසකම මේ වන විට රතු කැකුළු සහල්වල හිගයක් වාර්තා වන පසුබිමකයි.
කෙසේ වෙතත්, පසුගිය ආණ්ඩුව විසින් ජනාධිපතිවරණයට පෙර රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 20 බැගින් ජනතාවට බෙදා හැරීම වර්තමානයේ පවතින රතු කැකුලු සහල් හිගයට හේතුව බවයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා යළි ප්‍රකාශ කළේ.
ඒ, එම අමාත්‍යාංශයේදී ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින්.
You May Like This Video