මෙහෙම ගියොත් බඩගින්නේ තමා ඉන්න වෙන්නේ - හාල් මිල ඉහළ යයි

Report

මෙරට සහල් ඉල්ලුමෙන් සියයට පහක් (5%) සපයනු ලබන පොළොන්නරුව, ගල්ලෑල්ල සහල් සැකසුම් කලාපයේ මෝල් සියල්ලම ගංවතුරින් යටවීම නිසා සහල් නිෂ්පාදනය නතර වීමෙන් වෙළෙඳපොළේ සහල් කිලෝවක මිල රුපියල් දෙක තුනකින් ඉහළ ගොස් ඇති බව බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පවසයි.

ඒ අනුව මෙම වී මෝල් ගංවතුරට හසුවන අවස්ථාවේදී ඒවා තුළ රුපියල් බිලියනයක පමණ වී ගබඩා කර තිබූ බවද සභාපතිවරයා සඳහන් කළා.

එසේම ඔහු කියා සිටියේ ගල්ලෑල්ල සහල් සැකසුම් කලාපයෙන් මධ්‍ය පරිමාණ මෝල්වලින් පමණක් මෙරට සහල් වෙළෙඳපොළට දිනකට සහල් කිලෝග්‍රෑම් ලක්ෂ තුනක සැපයුමක් ලබාදුන් බවයි.

මේ අතර ගංවතුරට හසුවූ වී සහ සහල් තොග සියයට 70ක් පමණ ඉවත් කිරීමට සිදුවී ඇති බවත්, ඉන් කොටසක් කුකුළු සහ ඌරු ආහාර ලෙස නිකුත් කළ බවත්, වී මෝල් අඩි 12ක් පමණ උසට සම්පූර්ණයෙන්ම ගංවතුරින් යටවූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

බිත්තර ගැන අසත්‍ය පුවත් - මෙන්න ඇත්ත

බිත්තර ගැන අසත්‍ය පුවත් - මෙන්න ඇත්ත

කෙසේ වෙතත් මෙහිදී වැඩිපුරම විනාශයට ලක්ව ඇත්තේ නාඩු වී බවද ඔහු සඳහන් කළා. මේ අතර ගංවතුර හේතුවෙන් වී මෝල්වල යන්ත්‍රෝපකරණ සියල්ල ජලයෙන් යටවූ බවත්, ඒවා මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක ඇති බවත් ඔහු සඳහන් කළා.

තවද යන්ත්‍රෝපකරණවල විදුලි බල පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද ඔහු පවසයි.

අඳාළ යන්ත්‍රෝපකරණ පවිත්‍රකර යළි භාවිත කිරීම සම්බන්ධයෙන් ගැටලු රැසක් ඇති බවද ඔහු කියයි.

NBRO නිර්දේශ අනුව මහනුවර නගරයම ඉවත් කරන්න වෙයි - ලාල් කාන්ත

NBRO නිර්දේශ අනුව මහනුවර නගරයම ඉවත් කරන්න වෙයි - ලාල් කාන්ත

එමෙන්ම අපනයන තත්ත්වයේ සහල් නිෂ්පාදනය කරන ලද වී මෝලක්ද ගංවතුරින් සම්පූර්ණයෙන්ම යටවූ බව සභාපතිවරයා සඳහන් කළා.

මේ පිළිබඳව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසූ විට එහි ඉහළ නිලධාරියෙක් ගල්ලෑල්ල කලාපයේ සහල් මෝල් හතකට පමණ ගංවතුරින් විශාල හානියක් සිදුවූ බව පැවසුවා.

ඒ අනුව වී මෝල්වල බොයිලේරු, ජෙනරේටර් ආදිය ජලයෙන් යටවී තිබෙන බවද ඔහු පවසා සිටියා.

වහාම පාසල් දරුවන්ට රු 15,000ක දීමනාවක් - මේවටත් 25,000ක්

වහාම පාසල් දරුවන්ට රු 15,000ක දීමනාවක් - මේවටත් 25,000ක්