සහල් මිල අදම අහස උසට නගී..කිලෝවක් 210ට අලෙවි කරයි.

Galle Rice price Bandula gunawardhna W. Sirisena
By Aruna Sep 29, 2021 07:43 AM GMT
Aruna

Aruna

Report

පසුගිය දෙසතියක කාලයක සිට අලුත්ගම ප්‍රදේශයේ සාමාන්‍ය වෙළඳ සැල් වල සහල් පාලන මිලටඅලෙවි කිරීමට නො තිබූ අතර එහෙත් සහල් පාලන මිලෙහි ගැසට් නිවේදනය අවලංගු කර පැය කිහිපයක් ගත වීමත් සමග කීරි සම්බා සහල් දර්ගා නගරය ප්‍රදේශයේ අලෙවි කිරීමට තිබූ බව පාරිභෝගික ජනතාව කියති.

මේ පිළිබඳව කළ සොයා බැලීමේදී දැකගත හැකි වූයේ එම සහල් අලෙවි කරන්නේ එහි සඳහන් මිලට බවයි .

කිලෝග්රෑම් 5ක මෙම සහල් බෑග් නිෂ්පාදනය කර ඇත්තේ මේ වසරේ අගෝස්තු මාසයේදී බවත් කල්ඉකුත් වන්නේ ඔක්තෝම්බර් මාසයේ බව සඳහන්ය.

ප්‍රසිද්ධ සමාගමක වෙළඳ නාම යටතේ නිෂ්පාදිත කීරි සම්බා සහල් කිලෝග්රෑම් 5 රුපියල් 1050කට අලෙවි කිරීමට නියමිතව ඇත.

මේ අතර ඉක්මනින්ම සහල් ආනයනය සිදුකරන බවත් කැබිනට් අනුමැතිය අනුව මෙට්‍ර්ක් ටොන් ලක්ෂයක් සහල් පිටරටින් ගෙන්වන බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එම තොග ලැබුණු පසු රුපියල් 100ට අඩුවෙන් පාරිභෝගිකයන්ට සහල් කිලෝවක් මිලට ගැනීමට හැකිවනු ඇති බවද ඇමතිවරයා කියයි.

පාරිභෝගිකයන්ට සාධාරණ මිලට සහල් මිලට ගැනීමට නොමැති නම් වෙළඳපලට නිකුත් කිරීම සීමා කරන්නේ නම් ඊට මැදිහත් වීමට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සහල් ආනයනය කර හෝ සාධාරණ මිලට ජනතාවට ලබාදීමට රජයේ වගකීම බවත් එනිසා එය නිවැරදිව සිදු කරමින් මෙට්‍රික් ටොන් ලක්ෂයක සහල් ආනයනය කරන බවත් ඔහු සඳහන් කළේය.

සහල් මාෆියාවට, මෝල් හිමියන්ට පාරිභෝගිකයන් ගසාකෑමට ඉඩදී නිහඬව සිටීමට සූදානම් නැති බව ද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now