රුපියල් 98 ට සහල් ගත හැකි තැන් මෙන්න...

Sri Lanka Rice prices
By Aruna Oct 18, 2021 05:37 AM GMT
Aruna

Aruna

Report

පොන්නි සම්බා කිලෝ එකක් සතොස මඟින් රුපියල් 98/- අලෙවි කිරීමට පියවර ගෙන තිබෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

ඒ, මෙරට වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යෑම නිසා රජය විදේශ රටවලින් සහල් ගෙනැවිත් පාරිභෝගික ජනතාවට රුපියල් 100ට අඩුවෙන් සහල් කිලෝ එකක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේයි.

පසුගිය සතියේ ඉන්දියාවේ සිට සහල් තොගයක් රැගත් නැවක් මෙරටට පැමිණි අතර අනෙක් සහල් රැගත් නැව බොහෝදුරට අද (18) මෙරටට පැමිණීමට නියමිත අතර ඉන්පසුව ලංකාව පුරාම පිහිටි සතොස හා සමූපකාර අලෙවිසැල් ජාලා ඔස්සේ සහල් කිලෝ එකක් රුපියල් 98 ලබාදෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now