වාහනයක් තියෙන හැමෝටම මෙන්න අලුත් ආරංචියක්. - දකුණෙන් පළාත් 8ක ආදායම් බලපත්ර. - ඒක වෙන්නේ මෙහෙමයි.
Sri Lanka
Department of Motor Vehicles
By Wayomi
බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ හැර සෙසු සියලුම පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්ර දකුණු පළාත් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව දකුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් ප්රකාශ කරනවා.
ඒ, අනුව එම ආදායම් බලපත්ර නිකුත් කිරීම ඊයේ (3) සිට ක්රියාත්මක වෙනවා.
මෙහිදී වෙනත් පළාතක ආදායම් බලපත්රයක් වෙනුවෙන් රුපියල් 100 ක අමතර මුදලක් අයකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.