අද ලබා දුන් පාසල් නිවාඩුව තව දීර්ඝ වෙයිද? - එය තීරණය වෙන්නේ මෙහෙමයි.

Ministry of Education Sri Lankan Schools Education School Children
By Wayomi Jun 04, 2024 03:27 AM GMT
Wayomi

Wayomi

Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (04) දිනයේ මෙන්ම හෙට (05) දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්වලට අද සහ හෙට (05) යන දෙදින නිවාඩු ලබාදෙන අතර කළුතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලු පාසල් සඳහා ද අද දිනයේ නිවාඩු ලබාදී ඇත.

ලිට්‍රෝ ගෑස් මිල යළි පහලට.. - අලුත් වූ මිල ගණන් මෙන්න.

ලිට්‍රෝ ගෑස් මිල යළි පහලට.. - අලුත් වූ මිල ගණන් මෙන්න.


එමෙන්ම හෝමාගම, ගම්පහ සහ කැලණිය යන අධ්‍යාපන කලාපවල පාසල්වලට ද කඩුවෙල කොට්ඨාසයේ පාසල්වලට ද අද දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් පළාත් බලධාරීන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඉදිරි දිනවල පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.  

ETF සාමාජික දරුවන්ගේ නව මුදල් ප්‍රතිපාදනයක්. - වැඩි විස්තර මෙන්න. (UPDATE)

ETF සාමාජික දරුවන්ගේ නව මුදල් ප්‍රතිපාදනයක්. - වැඩි විස්තර මෙන්න. (UPDATE)