සැමන් සඳහා පැනවු වැට් බද්ද පිළිබද ක්‍රියාත්මක නොවුණහොත් එහි බලපෑම ධීවරයින්ට..
By Piyumika
සැමන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කරන ලෙස ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයිනගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සැමන් සඳහා පාලන මිලක් පැනවීම ගැටලුවක් නොවුව ද ඔවුන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කිරීමට රජය කඩිනමින් පියවර ගත යුතු බවය.
වැට් බද්ද අඩු නොවුණහොත් එහි බලපෑම ධීවරයින්ට අත්විදීමට සිදුවන බව ශිරාන් ප්‍රනාන්දු මහතා පවසයි.
පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ කෙසේ නමුත් ටින් මාළු සඳහා පාලන මිලක් පනවනු ලැබුවේ සියලු පාර්ශව සමග එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව බවය.
You may like this video