මෙරට සිසුන්ට අවුරුදු 22 දී MBBS උපාධියකට යෝජනා (VIDEO)

GMOA MBBS dr Anurudda Padheniya
By Sewvandhi Oct 14, 2021 02:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට සිසුන්ට MBBS හෙවත් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියක් අවුරුදු 22 දීත්, BSC හෙවත් විද්‍යාවේදී උපාධිය අවුරුදු 20 දීත් ලබාගැනීමට හැකියාව ලැබෙන පරිදි මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

අද වන විට මෙරට ක්‍රියාත්මක අධ්‍යාපන පටිපාටිය හරහා සිසුවෙකුට වෘත්තිකයකු වීම සඳහා විශාල කාලයක් ගත කිරීමට සිදුව ඇති බවයි එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේ.අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් වහාම සකස් කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.

මෙම යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යෝජනා මාලාවක් ද ඉදිරිපත් කර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now