ලීසිං සමාගම් වලට වාරික ගෙවන්න පරක්කු වුණා කියලා වාහන බලෙන් අරන් යන්න පුලුවන් ද?. ඔබට වටිනම මේ දේ ගැනත් දැනුවත් වෙන්න. (VIDEO)

Police spokesman Sri Lanka Police Sri Lanka
By krishani Aug 06, 2023 05:24 PM GMT
krishani

krishani

Report

ලීසිං සමාගම් මෙහෙය වන පිරිස් විසින් වාරික ගෙවීම් ප්‍රමාද වූ විට බලහත්කාරයෙන් වාහන පැහැරගෙන ගිය විට කොල්ලකෑම නමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි ය. 

ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ය.

එමෙන්ම වාරික නොගෙවන ලද රථවාහන ඇත්නම් ලිසිං සමාගම් විසින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් ලිසිං සමාගම් යම් වාහනයක් අත්පත් කරගැනීමට අදහස් කරන්නේ නම් පොලිස් ස්ථානාධිපතිවරයාව දැනුවත් කිරිම මගින් ඒ සඳහා පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ලබා දීම සිදුකළ හැකි බවයි.

කෙසේ වෙතත්, යම් ආකාරයකට සාමය කඩ වීමක් එහිදී සිදුවෙනවා නම් සාමය ආරක්ෂා කිරීම සඳහා එහිදි ක්‍රියාත්මක විය හැකිය.


විඩියෝ අයිතිය - Ada Derana Y-Tube Channel


ReeCha