උත්සව සමයේ රජයක් ජනතාවට දුන්න අරුම පුදුම සප්‍රයිස් එක - බලන්නකෝ ඒ මොකක්ද කියලා.. (PHOTOS)

Nigeria Latest Headlines Decision Making
By krishani Dec 23, 2023 11:10 AM GMT
krishani

krishani

Report

නයිජීරියානු රජය විසින් උත්සව සමයේ දී සිය පුරවැසියන්ට සහන සැලසීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

උත්සව සමයේ රජයක් ජනතාවට දුන්න අරුම පුදුම සප්‍රයිස් එක - බලන්නකෝ ඒ මොකක්ද කියලා.. (PHOTOS) | Relief To Citizens From The Nigerian Government

ඒ ජනතාවට පවතින මූල්‍ය ආතතිය සමනය කිරීමේ උත්සාහයක් ලෙසයි.

ඒ අනුව උත්සව සමයේ දී රට පුරා නොමිලේ දුම්රිය ගමන්වාර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

උත්සව සමයේ රජයක් ජනතාවට දුන්න අරුම පුදුම සප්‍රයිස් එක - බලන්නකෝ ඒ මොකක්ද කියලා.. (PHOTOS) | Relief To Citizens From The Nigerian Government

එමෙන්ම, බස් ගාස්තුව ද 50%කින් අඩු කර ඇති අතර මෙම කාල සීමාව තුළ දේශීය සංචාරකයින්ට ආතතියකින් තොරව, අධික ප්‍රවාහන වියදමකින් තොරව තම ආදරණීයන් සහ උපන් ගම්බිම් නැරඹීමට අවස්ථාව ලබාදීම තම රජයේ අරමුණ බව එරට ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා පවසා තිබෙනවා.

එරට අන්තර් රාජ්‍ය බස් ප්‍රවාහන ගාස්තු සහ නොමිලේ දුම්රිය ගමන් සඳහා වන වට්ටම් පෙරේදා සිට ජනවාරි 4 දක්වා ක්‍රියාත්මක වේ.

ඒ නයිජීරියානු ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මතයි මෙම තීරණය ගෙන ඇත්තේ.

උත්සව සමයේ රජයක් ජනතාවට දුන්න අරුම පුදුම සප්‍රයිස් එක - බලන්නකෝ ඒ මොකක්ද කියලා.. (PHOTOS) | Relief To Citizens From The Nigerian Government

මේ අතර බස් ගාස්තු සැලකිය යුතු ලෙස අඩු කිරීමත්, නොමිලේ දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව සැලසීමත් තම රජයේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ගත් තීරණයක් බව එරට ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ ය.

උත්සව සමයේ රජයක් ජනතාවට දුන්න අරුම පුදුම සප්‍රයිස් එක - බලන්නකෝ ඒ මොකක්ද කියලා.. (PHOTOS) | Relief To Citizens From The Nigerian Government

මෙය රට පුරා මාර්ග 22ක් හරහා සුඛෝපභෝගී බස් රථ ධාවනය කරන සමාගම් සමග ද ඒකාබද්ධව සිදුකරනු ලබයි.

කෙසේ වෙතත්, එරට බස් සංගම් ද ගාස්තු සහනාධාරයට එකඟ වී තිබීම විශේෂත්වයක් වේ.

ReeCha