ලොව විශාලතම රහස්‍ය මූල්‍ය ලේඛන හෙළිදරව්වක්..රාජපක්ෂ වරයෙකු ඒ අතර.

British pandora papers nirupama rajapaksha
By Sewvandhi Oct 04, 2021 02:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ, විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වකින්.

පැන්ඩෝරා ලේඛන (Pandora Papers) ලෙස නම් කර ඇති මෙම ලිපි ගොනුවල වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ දේපළ පවුම් මිලියන 70 ක් රහසිගතව එකතු කර ගත් ජෝර්දානයේ රජු පිළිබඳව ද පැන්ඩෝරා ලේඛන මගින් තොරතුරු හෙළි කර තිබෙනවා.

මේ අතර හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ ලන්ඩන්හි කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු වශයෙන් පවුම් 312,000 ක් ඉතිරි කළ ආකාරය පිළිබඳව ද මෙම ලේඛන මගින් පෙන්වා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ නමත්, ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ, තොරතුරු අනාවරණය කළ ‘පැන්ඩෝරා පේපර්ස්’ තුළින් හෙළිව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha