දුන්හිද අනතුරේ බස් රථයේ නිත්‍ය රියදුරු රිමාන්ඩ්
බදුල්ල මහේස්ත්‍රාත් නුජිත්ද සිල්වා අද (26) නියෝග කර ඇත්තේ පසුගිය 21 වන දින තිදෙනෙකුට මරු කැඳවමින් තවත් 31 දෙනෙකුට තුවාල සිදු කරමින් බදුල්ල මහියංගන මාර්ගයේ දුන්හිද 4 කණුව ප්‍රදේශයේදී අනතුරට පත් වූ බස් රථයේ නිත්‍ය රියදුරු ලෙස කටයුතු කල පුද්ගලයා එළඹෙන ජූලි 4 වන දින දක්වා රක්ෂිත බන්ධානාගාරගත කරන ලෙසයි.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූවේ අංක 494, තලාව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 42 ක්වූ පුද්ගලයෙක්. ඔහු මෙම බස් රථයෙන් වන්දනා නඩයක් රැගෙන බණ්ඩාරවෙළ හා බදුල්ල ප්‍රදේශවලට පැමිණ තිබුණා.
එසේ පැමිණි පිරිස මුතියංගනය වැදපුදා ගනිද්දී රථගාලේ නැවතූ බස් රථය යතුරද සමගින් තබා තේ පානයට අසල වෙළද සැලකට ගොස් සිටියදී බස් රථයේ පැමිණි පුද්ගලයෙක් බස් රථය පණ ගන්වා රථ ගාලෙන් පිටතට ගෙන තිබුණු අතර, පසුව රියදුරු ද බස් රථයට නැග ඇති නමුත් ඔහු බස් රථය පෙර පුද්ගලයාටම පදවන්නට ඉඩ දී තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ එසේ බස් රථය පදවන අතුරතුරදීයි.
