දරුවන්ගේ පාසල් බෑගයේ බර අඩුකිරීම ගැන දැනුම්දීමක්

Ministry of Education Education Sinhala news
By Akash Mar 29, 2025 11:37 AM GMT
Akash

Akash

Report

දරුවන්ගේ පාසල් බෑගයේ බර අඩුකිරීම සම්බන්ධව පාසල්වලට උපදෙස් ලබා දී ඇතත් ඇතැම් පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඒ පිළිබඳ අවධානය යොමු කර නැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යාපන අංශය පවසයි.

චාමරට වැලිකඩ කෑම එපාලු.. රස කෑම ඉල්ලයි!

චාමරට වැලිකඩ කෑම එපාලු.. රස කෑම ඉල්ලයි!

එහි අධ්‍යක්ෂ ගංගා දිල්හානි ප්‍රකාශ කළේ පාසල් දරුවන්ගේ බෑග්වල බර අඩුකිරීම සඳහා කළ යුතු ක්‍රියාමර්ග සහ අවශ්‍ය උපදෙස් පාසල්වල විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට චක්‍රලේඛයක් මගින් නිකුත් කර ඇති බවය.

කෙසේ වුවද ඇතැම් පාසල්වල විදුහල්පතිවරු සහ ගුරුවරුන් මේ පිළිබඳ නොතකා අනවශ්‍ය ලෙස පොත් රැගෙන ඒමට පාසල් දරුවන්ට උපදෙස් ලබා දී ඇත.

මෙසේ පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර වැඩිවීම් සම්බන්ධව ලැබුණු පැමිණිලිවලට අනුව පාසල්වලට අධීක්ෂණ කණ්ඩායම් යොදවා ඒවා පිළිබඳ සොයා බැලීම් සිදුකරන බවද ඇය සඳහන් කළාය.

අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍යයේ බෙදා හැරි තරුණයෙකුට වැඩ වරදී

අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍යයේ බෙදා හැරි තරුණයෙකුට වැඩ වරදී

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව පාසල් දරුවකුගේ බෑගයේ බර කිලෝග්‍රැම් පහළොවත් – විස්සත් අතර හෝ ඊට අඩුවිය යුතුය. ඒ අනුව එක වසර පාසල් දරුවකුගේ බෑගේ බර කිලෝ ග්‍රෑම් දෙකයි දශම හයක් ද, දෙක ශ්‍රේණියේ දරුවකුගේ පාසල් බෑගයක බර කිලෝග්‍රෑම් තුනක්ද පහ ශ්‍රේණියේ දරුවකුගේ පාසල් බෑගයක බර කිලෝග්‍රෑම් හතරක්ද විය යුතුවේ.

දහය ශ්‍රේණියේ දරුවකුගේ පාසල් බෑගයක බර ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් හතක් විය යුතු බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ReeCha