අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍යයේ බෙදා හැරි තරුණයෙකුට වැඩ වරදී

By Dilasha Mar 29, 2025 09:00 AM GMT
Report

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදාහරින ලද සැකකරුවකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අතුරුදන් වූ සහ සූරාකෑමට ලක් වූ ළමුන් සඳහා වන ඇමෙරිකා රජයේ පිහිටි ජාතික මධ්‍යස්ථානයකින් ලබාදුන් වාර්තාවක ඇතුළත් තොරතුරු මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එම වාර්තාවේ ෆේස්බුක් හරහා විදේශීය ජාතිකයින් වෙත ළමුන් සම්බන්ධ ලිංගික දර්ශන ඇතුළත් විඩියෝ හා ඡායාරූප බෙදා හරින ලද පුද්ගලයෙකු සිටින බවට සඳහන් කර තිබේ.

අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ පොලිසිය, ඒ පිළිබඳව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර සැකකරුට අයත් දුරකථන විශේලේෂණ පොලිසිය විසින් ලබාගෙන තිබේ.

එහිදී අනාවරණ වී ඇත්තේ සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු සතුව තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකතනයක් හා පරිගණක යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.  


‘SVAT හින්දා මෙරට රෙදි නිෂ්පාදකයින් FLAT’

‘SVAT හින්දා මෙරට රෙදි නිෂ්පාදකයින් FLAT’


අසත්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කළැයි නීතිඥවරිය රිමාන්ඩ්...

අසත්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කළැයි නීතිඥවරිය රිමාන්ඩ්...