වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3කට රතු නිවේදන නිකුත් කෙරේ.(VIDEO)

Sri Lanka Mahanuwara Kurunagala Kegalla Red notice
By Aruna Nov 10, 2021 04:07 AM GMT
Aruna

Aruna

Report

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට නාය යාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

මීට අමතරව බදුල්ල, කොළඹ, ගාල්ල, සහ කළුතර යන දිස්ත්‍රික්කවලට ද නිකුත් කර ඇති නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

එමෙන්ම, මාතලේ, රත්නපුර, ගම්පහ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර, හලාවත - කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් ජලයෙන් යට වී තිබෙනවා.

තිනිපිටියවැව සහ කඩුපිටිඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම, මීගමුව - පුත්තලම ප්‍රධාන මාර්ගයට මාරවිල - ගොඩවල මංසන්ධියෙන් ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

අදාළ මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව වාර්තා වෙයි.

ඒ හේවෙන් එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

මේ අතර කුරුණෑගල මාර්ගයන් ද අධික වර්ෂාවත් සමග ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

එහිදී එම ප්‍රදේශයන්හි ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබේ.

පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha