විශ්‍රාම ගිය හෙදියන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම

contract Pavithra wanniarachchi nurses Mahinda rajapaksha Muruththettuwe Ananda thero
By Sewvandhi Jun 09, 2021 11:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට උපදෙස් ලබාදී තිබෙනවා.

හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා එම අදහස් පළ කර ඇත්තේ.

දිවයින පුරා හෙද හෙදියන් 34,000ක් පමණ මේ වනවිට සේවයේ නිරතව සිටින අතර ඔවුන් දැනට මුහුණ පා ඇති ගැටලුවලට කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් සහ යෝජනා සාකච්ඡා කිරීම එම හමුවේ අරමුණ වී ඇත්තේ.

මෙහිදී හෙද හෙදියන්ට ලබා දෙන දීමනා සහ පහසුකම් ඉහළ දැමීම සම්බන්ධයෙන් ද මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ එහිදී අදහස් පළ කර ඇත්තේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලීය හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකයට නුපුහුණු හෙදියන් යොදා ගැනීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහි දී පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා ඇත්තේ, දැනට වසරකට පුහුණුවක් සඳහා බඳවා ගන්නේ හෙද හෙදියන් 2,000ක් තරම් අඩු පිරිසක් බැවින් එම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

දැනට එම ඒකකවල සේවය කරන නුපුහුණු හෙද හෙදියන් ව අදාළ ඒකකවල කටයුතු කරන කාලය ද පුහුණු කාලයට එක් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ. ඊට අමතරව දැඩි සත්කාර ඒකක සේවයට කෙටි කාලීන පුහුණු වැඩසටහන් හඳුන්වා දෙන්නැයි ද අගමැතිවරයා දැනුම් දී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now