අඩු වයසින් මල්වරවීමට හේතුව හෙළිවෙයි..මෙය භයානක තත්ත්වයක්?..

Ministry of Health Sri Lanka South Korea World National Health Service
By Aruna Jul 29, 2024 02:04 AM GMT
Aruna

Aruna

Report

වර්තමානයේ ගැහැනු දරුවන් ඉතා අඩු වයසින් මල්වරවීම ලොව පුරා විද්‍යාඥයන්ගේ කනස්සල්ලට හේතුවක් වී තිබෙන බව වාර්තා වනවා.

මේ වන විට ඇමෙරිකානු ගැහැනු දරුවන් සියවසකට පෙර ජීවත් වූ ගැහැනු දරුවන්ට සාපේක්ෂව වසර හතරකට පෙර ඔසප් වීම ආරම්භ වන බවයි හෙළිව ඇත්තේ.

මැයි මාසයේදී නව දත්ත පෙන්නුම් කළේ 1950 සහ 1969 අතර උපත ලද ගැහැනු දරුවන්ගේ ඔසප් වීම සාමාන්‍යයෙන් අවුරුදු 12.5 කදී ආරම්භ වුවත්, 2000 ගණන්වල මුල් භාගයේ උපත ලැබූ පරම්පරාව සඳහා මෙය සාමාන්‍යයෙන් අවුරුදු 11.9 දක්වා පහත වැටී ඇති බවයි.

අගෝස්තු 01 වනදා සිට දීමනාව 8000 දක්වා ඉහළ දමයි..පිරිසකට සතුටුදායක ආරංචියක්..

අගෝස්තු 01 වනදා සිට දීමනාව 8000 දක්වා ඉහළ දමයි..පිරිසකට සතුටුදායක ආරංචියක්..


එසේම පූර්ව වැඩිවිය පැමිණීමේ ලක්ෂණ පෙන්නුම් කරන ගැහැනු දරුවන්ගේ සංඛ්‍යාව 16 ගුණයකින් වැඩිවී ඇති ආකාරය දකුණු කොරියානු විද්‍යාඥයන් ද හෙළිකර ඇත.

එසේම අධික වායු දූෂණයට නිරාවරණය වන ඇමෙරිකානු ගැහැනු දරුවන්ට ඔවුන්ගේ පළමු ඔසප් වීම අඩු වයසේදී ඇති විය හැකි බවයි, තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ.

පෝලන්තයේ විද්‍යාඥයන් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී එනම්, කාන්තාවන් 1,257 ගේ දත්ත පරීක්ෂා කර නයිට්‍රජන් වායුවලට වැඩි වශයෙන් නිරාවරණය වීම සහ වයස අවුරුදු 11ට පෙර මල්වර වීම අතර සම්බන්ධයක් සොයා ගෙන තිබේ.

මේ අනුව, කලින් වැඩිවිය පැමිණෙන ගැහැනු ළමයින්ට වැඩිහිටි වියේදී දීර්ඝකාලීන ප්‍රතිවිපාක ඇති කරන අහිතකර සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකි බවයි, විද්‍යාඥයන් පවසන්නේ.

ReeCha