පොහොර කෑන් පිපිරිමට හේතුව දැන සිටියාද..හේතුව මෙන්න..

By Sewvandhi Dec 14, 2021 05:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දියර පොහොර කෑන් පිපිරිමට හේතුව පොහොරවල ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය බවත් දියර පොහොර වාහනයේදී සහ ගබඩා කිරීමේදී වෙනස්වීම් සිදුවී ඇති බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ චන්දන ලොකුහේවගේ මහතා පැවසීය. දි

යවර පොහොර පිපිරීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කළ බව කී චන්දන ලොකුහේවගේ මහතා පොහොර නිෂ්පාදන දේශීය සමාගම්වලට නිසි ප්‍රමිතියෙන් යුතුව පොහොර නිෂ්පාදනය කරන ලෙස උපදෙස් දුන් බව ද සඳහන් කළේය. ප

රිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ කෘෂිකර්මාන්තය සඳහා කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන තෝරාගත් ආයතන 35 ක් මඟින් කාබනික දියර පොහොර ලබා ගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

කාබනික දියර පොහොර නිෂ්පාදන ආයතනවල නිලධාරීන් සහ පොහොර ලේකම් කාර්යාලය ප්‍රධානී අතර ඊයේ (13) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් පසුව ලොකුහේවගේ මහතා එසේ පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now