තෝර් චිත්‍රපට මාලාවේ සුපිරි තරුවක් ජීවිතය හැරයයි..

By Sewvandhi May 23, 2023 08:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉංග්‍රීසි සිනමාවේ ප්‍රමුඛ රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කළ රේ ස්ටීවන්සන් මියගොස් ඇති බවය. 

විශේෂයෙන්ම තෝර් චිත්‍රපට මාලාවේ ඔහු සුවිශේෂී චරිතයක් විය.ඔහුගේ මරණයට හේතුව මෙතෙක් නිවේදනය කර නොමැත.

Ischia නම් ඉතාලි දූපතේ සිදුකරමින් තිබූ රූගත කිරීමක් අතරතුර රෝගාතුර වී ඇති ස්ටීවන්සන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.

අයර්ලන්තයේ උපතලබා ඇති ස්ටීවන්සන් වයස අවුරුදු 8දී එංගලන්තයේ පදිංචියට පැමිණ තිබුණි.