සම්පූර්ණයෙන්ම රට විවෘත කිරීම ගැන නිවේදනයක්

covid19 isolated vaccination shavendra silva prasanna ranathunaga
By Sewvandhi Jul 14, 2021 11:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විශාල දෙයක් ඇති නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රටේ සියලුම ජනතාවට සැප්තැම්බර් මාසය වනවිට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

රට හැමදාම වසාගෙන සිටීමට හැකියාවක් නැතැයි කී ශවේන්ද්‍ර සිල්වා මහතා අවශ්‍ය සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන රට විවෘත කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට නිතර උපදෙස් ලබාදෙන බවද පැවසුවේය.

එසේම විදේශිකයන් සඳහා රට විවෘත කිරීමටද සාකච්ඡා අරඹා ඇති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

කොරෝනා එන්නත් දෙකම ලබාගෙන පැමිණෙන විදේශිකයන්ට පී.සී.ආර් පරීක්ෂණයකින් පසු මෙරටට ඇතුල්වීමට අවස්ථාව ලබාදිය හැකි වනු ඇතැයිද යුද හමුදාපතිවරයා කීවේය.

රටපුරා එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කර ඇතැයි පැවසූ ඒ මහතා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය අංශ මේ සඳහා සිය උපරිම දායකත්වය ලබාදෙන බවද ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha