රවී ඇතුළු පවුලට ලැබුණු අධිකරණ නියෝගය..

By Sewvandhi Dec 22, 2021 11:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු අමාත්‍ය රවී කරුණානායක , ඔහුගේ බිරිඳ මෙලා කරුණානායක සහ දියණිය වන ඔනෙලා කරුණානායක ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කර තිබෙනවා.

රවී කරුණානායක ඇතුළු ඔහුගේ පවුලට එරෙහිව මෙම නඩුව විභාගයට ගැනුණේ, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් අධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුවයි.

ඒ මෙම පුද්ගලයින් විසින් වැල්ලවත්තේ පිහිටි නිවසකට අනවසරයෙන් කඩා වැදී, එම දේපල පවරා ගත් බවට සිදු කළ චෝදනාවකට අදාලවයි.

අසාද් සාලි රක්ෂිත බන්ධනාගාරගතව සිටි අවධියේ දී ඔහුගේ බිරිඳ විසින් වැල්ලවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව ගොනු කෙරුණා.

මෙම නඩුව මීට පෙර ද කිහිප වතාවක් අධිකරණය හමුවේ කැඳවුණු අතර, ඒ අවස්ථාවලදී පැමිණිලිකාර පාර්ශ්වය ඒ වෙනුවෙන් පෙනී සිටීමට අපොහොසත් වී තිබෙනවා. පසුව සිය දේපල අයුතු ලෙස භාවිත කළ බවට හිටපු ආණ්ඩුකාරවරයා වෙනම නඩුවක් ද ගොනු කරනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now