මොකක්ද මේ අලුත්ම ආරංචිය? - රවී -දිනේෂ් රනිල් ජාතික ලැයිස්තුවෙන් එනව ලු?
නව ප්රජාතන්ත්රවාදී පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැති රවී කරුණානායක පත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පෙරමුණෙන් මන්ත්රීවරු තිදෙනෙක් ඡන්දයෙන් තේරී පත්ව ඇති අතර පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ, එම තිදෙනා ද ඇතුළුව මන්ත්රීවරු පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරෙන්නේ ද දිනේෂ් ගුණවර්ධන බවයි.
මේ අතර මෙම පෙරමුණ ලියාපදිංචි කර ඇත්තේ රවී කරුණනායකයි.
එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්රමසංහ ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කෙරෙන බව ද ඉහත අරංචි මාර්ග සඳහන් කරනවා.