ලෝකෙම හොයා ගෙන එන ලංකාවේ රාවණා ඇල්ල දියඇල්ල ආයේ බලන්න වෙන් නෑ.. ඇතුල්වීම තහනම් කරමින් දැන්වීමක්

Report

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනීය දිනූ සුන්දර දියඇල්ලක් වන බණ්ඩාරවෙල - ඇල්ල, රාවණාඇල්ල ඉදිරියේ ඇති නැරඹුම් වේදිකාව අබලන්වීම හේතුවෙන් එම වේදිකාවට ඇතුල්වීම සංචාරකයන්ට තහනම් කරමින් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය මඟින් දැන්වීමක් සවිකර මාස කීපයක් ගතවී ඇතත් මෙතෙක් පිළිසකර කර නැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන බව සඳහන්.

ඒ අනුව දියඇල්ල ඉදිරියේ එම ස්ථානයේ පොලිසිය විසින් සවි කර ඇති පුවරුවක් හේතුවෙන් දියඇල්ලේ දර්ශන පථය වැසී ඡායාරූප සහ වීඩියෝ දර්ශන බාධා ඇති වි ඇති බවට ද සංචාරකයෝ මැසිවිලි නගන බව වාර්තා වේ.

එබැවින් පොලිසියේ පුවරු මෙම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක සවිකරන ලෙසත් නැරඹුම් වේදිකාව ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසත් සංචාරකයෝ සහ සංචාරක මග පෙන්වන්නෝ වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටින බව සඳහන්.

මාස අවසානයේ සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට අදාළ තොරතුරු අද දිනයේදීම මහජනතාවට - බලශක්ති ඇමති

මාස අවසානයේ සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට අදාළ තොරතුරු අද දිනයේදීම මහජනතාවට - බලශක්ති ඇමති

එසේම මේ දිනවල දියඇල්ලේ ජලය වැඩිවමීත් දියඇල්ල සමීපයට නොයන ලෙසට අවවාද කර ඇත.

මේ තත්ත්වය මත නැරඹුම් වේදිකාව තහනම් වීම හේතුවෙන් මහ පාරේ සිට සංචාරකයින් දියඇල්ල නැරඹීම සහ ඡායාරූප ගැනීම සිදු කරයි.

එසේම මෙම මාර්ගය කුඹල්වෙල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය වන අතර බහුලව වාහන ධාවනය වන බැවින් මෙම මාර්ගයේ සිට දියඇල්ල නැරඹිම මෙන්ම මෙම ස්ථානයේ සිට ඡායාරූප සහ වීඩියෝ දර්ශන ගැනීමේදි සංචාරකයන්ගේ ආරක්ෂාවටද තර්ජනයක් වී ඇති බවට සංචාරක මග පෙන්වන්නෝ පෙන්වා දෙන බව සඳහන්.  

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්