රන් උකස් ණයට 70% සීමාවක් - බැංකු සහ ගනුදෙනුකරුවන් ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

Report

රන් භාණ්ඩ උකස් කර ණය ලබාගැනීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින පසුබිමක, එම ණය සඳහා සියයට 70ක උපරිම ණය-වටිනාකම් අනුපාතයක් (Loan-to-Value Ratio) පැනවීම හරහා බැංකු සහ ගනුදෙනුකරුවන් යන දෙපාර්ශ්වයේම අවදානම අවම කරගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

රන් මිල ඉහළ යාමත් සමඟ ජනතාවට තම රන් භාණ්ඩ ඇපයට තබා වැඩි මුදලක් ණය වශයෙන් ලබාගැනීමට හැකි වී ඇති බව පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා, රන් මිල පසුව පහත වැටුණහොත් ණය ලබාගත් පුද්ගලයන්ට එම ණය පියවීමේ අවශ්‍යතාව පිළිබඳ ගැටලු මතුවිය හැකි බව සඳහන් කළා.

එවැනි අවදානම් අවම කිරීම සඳහා සියයට 70ක ණය-වටිනාකම් සීමාවක් පැනවීම විචක්ෂණශීලී පියවරක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. සාමාන්‍ය ජනතාව මුහුණදෙන මූල්‍ය පීඩනය පිළිබඳව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

පොලිසිය වෙතින් රියදුරන්ට විශේෂ නිවේදනයක් - උත්සව සමයේ රථවාහන ගැන විශේෂ මෙහෙයුමක්

පොලිසිය වෙතින් රියදුරන්ට විශේෂ නිවේදනයක් - උත්සව සමයේ රථවාහන ගැන විශේෂ මෙහෙයුමක්

පෞද්ගලික ණය, පාරිභෝගික ණය සහ මූල්‍ය සේවා ඇතුළු අංශවල වර්ධනයත් සමඟ රන් භාණ්ඩ උකස් කිරීමේ ප්‍රවණතාව ද ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපතිවරයා පැවසුවා.

සමස්ත ණය වර්ධනය සියයට 25ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, නව අවස්ථා උදාවීමත් සමඟ ඇතැම් අංශ අනෙක් අංශවලට වඩා වේගයෙන් වර්ධනය වීම සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔහු සඳහන් කළා.

මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්ති කමිටු රැස්වීමේදී ද කමිටු සාමාජිකයෙකු විසින් මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර ඇති බව වීරසිංහ මහතා පැවසුවා.

කෙසේ වෙතත්, සාමාන්‍ය ජනතාවට, විශේෂයෙන්ම වගා කටයුතු සඳහා කෙටි කාලීන මුදල් අවශ්‍ය වන ගොවීන්ට රන් භාණ්ඩ උකස් කිරීම ප්‍රයෝජනවත් මූල්‍ය පහසුකමක් බව ඔහු පෙන්වා දුන්නා.

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි

බැංකුවකට ගොස් විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ ණයක් ලබාගැනීමට ඇති හැකියාව නිසාම උකස් ණය ක්‍රමය අයහපත් දෙයක් ලෙස සැලකිය නොහැකි බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

සාමාන්‍ය බැංකු ණය පහසුකම් ලබාගැනීමට අපහසු පුද්ගලයන්ට ඉක්මනින් මුදල් ලබාගැනීමට මෙම ක්‍රමය අවස්ථාව සලසන බවත්, අවිධිමත් ණය දෙන්නන්ගෙන් මුදල් ලබාගැනීමට සාපේක්ෂව සාධාරණ පොලී අනුපාත යටතේ ණය ලබාගෙන අස්වනු නෙළීමෙන් පසු ඒවා පියවීමට හැකි බවත් ඔහු පැහැදිලි කළා.

බැංකු විසින් ණය ලබාදීමේදී අනුගමනය කරන ක්‍රමවේද සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බව ද වීරසිංහ මහතා අවධාරණය කළා.

පොලී අනුපාත මඟින් ඉලක්ක කරන්නේ එක් ණය අංශයක් පමණක් පාලනය කිරීම නොව සමස්ත ණය වර්ධනය කළමනාකරණය කිරීම බව සඳහන් කළ ඔහු, දැනට ක්‍රියාත්මක සියයට 70ක සීමාව සුදුසු පියවරක් බව පෙනී යන බව ද වැඩිදුරටත් කියා සිටියා.

මුළු ලංකාවටම වලංගු කාලගුණයේ වෙනසක් - අද සවස දෙකෙන් පසු කාලගුණය - ජනතාවගෙන් ඉල්ලීමක්

මුළු ලංකාවටම වලංගු කාලගුණයේ වෙනසක් - අද සවස දෙකෙන් පසු කාලගුණය - ජනතාවගෙන් ඉල්ලීමක්