පොලිසිය වෙතින් රියදුරන්ට විශේෂ නිවේදනයක් - උත්සව සමයේ රථවාහන ගැන විශේෂ මෙහෙයුමක්
පොලිසිය පවසන්නේ ඉදිරි උත්සව සමය තුළ රථවාහන පරීක්ෂා කිරීම් සහ මෙහෙයුම් තවදුරටත් තීව්ර කිරීමට කටයුතු කරන බවයි.
විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීම සඳහා මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේය.
සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි
නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ මෙහිදී බීමත්ව රිය පැදවීම සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් තීව්ර කිරීමට සැලසුම් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය බීමත්කම පරීක්ෂා කිරීමේ උපකරණ ප්‍රමාණවත් පරිදි පොලිස් ස්ථාන වෙත ලබාදී ඇති බවත්ය.
ඒ මහතා පැවසුවේ රියදුරන් අහඹු ලෙස මත්ද්‍රව්‍ය පරීක්ෂාවන්ට ලක් කිරීමටත්, රිය අනතුරක් සිදුවීමෙන් අනතුරුව අදාළ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීමටත් කටයුතු කරන බවයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ උත්සව සමයේදී රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් රථවාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බැවින් බීමත්ව රිය පැදවීමෙන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමෙන් වැළකී සිටින ලෙසයි.