තිලක් වර්මා තනිව සටන් කළත් ඉන්දියාවට ජය අහිමි වෙයි - පාකිස්තානයෙන් ප්රබල ප්රහාරයක් [VIDEO]
ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් තරගාවලියේ 2026 තරගාවලියේ B කාණ්ඩය යටතේ ඉන්දියානු A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 48ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන A කණ්ඩායම සමත් වී තිබෙනවා.
කටාර්හි දෝහා නුවරදී ඉරිදා පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන A කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 313ක් රැස් කළා.
එහිදී හසන් නවාස් ලකුණු 79ක් රැස් කරමින් පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර, මාස් සදාකත් ලකුණු 59ක් සහ ෆර්හාන් යූසුෆ් ලකුණු 56ක් ලබාගනිමින් අර්ධ ශතක වාර්තා කළා.
ඉන්දීය A කණ්ඩායම වෙනුවෙන් සූර්යන්ෂ් ෂෙඩ්ගේ, විප්රාජ් නිගම්, හර්ෂිත් රානා සහ ප්රින්ස් යාදව් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා. ලකුණු 314ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය A කණ්ඩායමට ආරම්භයේදීම කඩුලු කිහිපයක් අහිමි වීමත් සමඟ දැඩි පීඩනයකට මුහුණදීමට සිදුවුණා.
කෙසේ වෙතත්, තිලක් වර්මා සහ ෂාබාස් අහමඩ් එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112ක සබඳතාවක් ගොඩනඟමින් ඉන්දීය පිලට ජයග්රහණය පිළිබඳ බලාපොරොත්තුවක් එක් කළා.
එහිදී තිලක් වර්මා පන්දු 100ක් රැස් කරමින් ලකුණු 100ක් ලබාගත් අතර, ෂාබාස් අහමඩ් ලකුණු 56ක් රැස් කළා. එහෙත් එම සබඳතාව බිඳවැටීමෙන් අනතුරුව ඉන්දීය ඉනිම යළි ගොඩනැගීමට නොහැකි වූ අතර, ඒ අනුව ඉන්දීය A කණ්ඩායමට තරගයෙන් ලකුණු 48ක පරාජයක් අත්විඳීමට සිදුවුණා.
තිලක් වර්මාගේ විශිෂ්ට ශතකය ද ඉන්දීය A කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන යාමට ප්රමාණවත් වූයේ නැහැ.