හදිසි හෘදයාබාධයකින් රාවණා මියයයි.(PHOTOS)
Indian
Cinerma
Arvin thrivedi
By Aruna
වාල්මිකි ගේ රාමායනය ඇසුරෙන් ඉන්දිය රූපවාහිනියේ දිගහැරුණු රාමායන් ටෙලි වෘතාන්තයේ රාවණා ලෙස රගපෑ අරවින්ද් ත්රිවේදි වයස අවුරුදු 82ක් ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රාමනාන්ද් සාගර් ගේ රාමායන්, ඉන්දියානුවන් වැඩිම පිරිසක් නැරඹූ සහ වැඩිම ආදායම් ඉපසූ වෘත්තාන්තයක් ලෙසයි සැලකෙන්නේ.
එහි රාවණා චරිතය මුලින්ම රඟපෑ අරවින්ද් ත්රිවේදි වෙනුවෙන් සොව පළ කළ අය අතර, ඔහු සමඟ සීතා චරිතයට පන පෙවූ දීපිකා චික්ලියා ද වනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අරවින්ද් ත්රිවේදි වෙනුවෙන් ශෝකය පළ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරනු ලැබුවා.
ත්රිවේදි 1991 වසරේ සිට 1996 වසර දක්වා ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කළා.
ඊයේ ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ හෘදයාබාධයකින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





