රත්මලාන කළඹපු කඳවල හන්දියේ වෙඩි තැබීමේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් කොටු

Report

රත්මලාන කඳවල හන්දිය ආසන්නයේදී පසුගියදා වෙඩි තබා සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන කඳවල හන්දිය අසලදී පසුගිය 01 වැනිදා සිදුවූ මෙම වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (13) අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

බෙන්තොට මුහුද කැළඹෙයි - ඉන්දියානු තරුණයෙක් අතුරුදහන්

බෙන්තොට මුහුද කැළඹෙයි - ඉන්දියානු තරුණයෙක් අතුරුදහන්

තවත් සැකකරුවෙකු එදිනම දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත

අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 41 සහ 48 යන වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෙම සැකකරුවන් විසින් අපරාධය සඳහා ගිනි අවි ප්‍රවාහනය කර ඇති බවටත්, වෙඩික්කරුට සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ආධාර අනුබල දී ඇති බවටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි. 

පොලීසියෙන් දැනුවත් කිරීමක් -GovPay නැහැ කියන නිලධාරීන් ගැන වහාම දැනුම් දෙන්න

පොලීසියෙන් දැනුවත් කිරීමක් -GovPay නැහැ කියන නිලධාරීන් ගැන වහාම දැනුම් දෙන්න