'රටම එකට' ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 1,087ක් අත්අඩංගුවට

Report

විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක "රටම එකට" ජාතික මෙහෙයුමෙන් ඊයේ දිනයේදී සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 1,087 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 583ක්, හෙරොයින් ග්‍රෑම් 416ක් සහ කුෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය රැසක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි .

ඒවගේම අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 11 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන  ඇත.

තවද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් පුද්ගලයින් 16 දෙනෙකු පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පියවර ගෙන ඇති බව පොලීසිය විසින් සදහන් කර තිබේ. 

දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න

දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න

මේ පළාත්වලට අද උදේම නිවේදනයක්

මේ පළාත්වලට අද උදේම නිවේදනයක්