කොටහේන ඝාතනය ගැන බරපතළ සැකයක් - මැරිලා තියෙන කෙනා ගැනත් හෙළිදරව්වක්
කොටහේන 16 වන පටුමග ප්‍රදේශයේ ඊයේ දින සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි.
එසේම මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයෙකු ඉන් බැස මියගිය පුද්ගලයාගේ පිටුපසින් පැමිණ වෙඩි තැබීම සිදු කරන ආකාරය ද සි.සි.ටීවී දර්ශනවල ද සටහන්ව ඇත.
වෙඩි වැදීමෙන් මෙසේ බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගිය අතර ඔහු 43 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වුණා.
කෙසේ වෙතත් මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පුෂ්පරාජා හෙවත් පූකුඩුකන්නාගේ ගෝලයෙකු බවට ද කරුණු අනාවරණය වේ.
මේ අතර පොලීසිය සැක කරන්නේ අදාළ වෙඩි තැබීම තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පලනි රිමෝෂන්ගේ පාර්ශවය විසින් සිදු කර ඇති බවටයි.