වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස කොමදෝරු ප්‍රසාද් ජයසිංහ මහතා පත්කර තිබේ.
ප්‍රසාද් ජයසිංහ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 30 පමණ අත්දැකීම් බහුල කාර්යශූර නිලධාරියකු ලෙස හැදින්වෙයි.
එතුමා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.
ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා විසින් එම පත්කිරීම සිදුකර ඇත.
ඒ අනුව ඉකුත් 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම බලපැවැත්වෙයි.
තවද කොමදොරු ප්‍රසාද් ජයසිංහ මහතා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ලබයි.