අඹුසැමි යුවළක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

Report

 දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අඹුසැමි යුවළක් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් කොටුකර ගැනීමට සමත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ අඹුසැමි යුවළකි.

මෙහිදී මෙම පිරිමි පුද්ගලයා සතුව හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 980ක්, ද ඒවගේම කාන්තාව සතුව තිබී අයිස් මිලිග්‍රෑම් 5100ක්ද සොයා ගන තිබේ.

තවද එම යුවළ කාලයක් තිස්සේ දිවුලපිටිය, කටුවැල්ලේගම, දූනගහ, අලුතෑපොල, මරදගහමුල, නෙල්ලිගහමුල, නිල්පනාගොඩ, මිනුවන්ගොඩ යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය සපයා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

ඒ වගේම අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා අද (8) දිනයේ මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබයි. තවද එම කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු හෙළිවෙයි

කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු හෙළිවෙයි

චීවරධාරියෙක් කරන වැඩද මේ පාසල් සිසුන් තිදෙනකු අපයෝජනය කරලා ඇරෙන වෙලාවට ගෙනත් දාලා - අත්අඩංගුවට

චීවරධාරියෙක් කරන වැඩද මේ පාසල් සිසුන් තිදෙනකු අපයෝජනය කරලා ඇරෙන වෙලාවට ගෙනත් දාලා - අත්අඩංගුවට