කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු හෙළිවෙයි
කොටහේන ප්රදේශයේ දී ඊයේ (07) සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්රන් පුෂ්පරාජ් නොහොත් "පූකුඩු කන්නා" නැමැත්තාගේ ගෝලයෙකු බව පොලිස් විමර්ශන වලදී අනාවරණ වී ඇත.
කොටහේන 16 වැනි පටුමගේදී ඊයේ රාත්රීයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකි.
ඒ වගේම පොලීසිය සදහන් කළේ වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවයි.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.