යල කන්නයට හිඟයකින් තොරව පොහොර – රංජිත් සියඹලාපිටිය
By Sithumi
ලබන යල කන්නය සඳහා හිඟයකින් තොරව අවශ්‍ය පොහොර ගොවින්හට ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබෙනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ (18) පැවති වැඩසටහනකින් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව මාධ්‍යට සඳහන් කර තිබෙන්නේ. මෙම සතියේ ප්‍රමුඛතම වියදම් කාර්ය බවට පත්ව ඇත්තේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් බවත් එමෙන්ම මහ කන්නයේදී මිලදී ගත් රසායනික පොහොර සඳහා රුපියල් කෝටි 350 ක් සහ කාබනික පොහොර සඳහා රුපියල් කෝටි 220 ක් පෙරේදා දින ගෙවා අවසන් කල බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
ඒ අනුව ලබන මාර්තු මුල් සතිය වන විට පොහොර සඳහා ගෙවිය යුතු සියළු මුදල් ගෙවා නිම කරන බව අමාත්‍යවරයා මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා.