රංජන් රාමනායකට අද නිදහස ?

sri lanka Ranjan ramanayakr
By Sithumi Sep 12, 2021 11:25 AM GMT
Sithumi

Sithumi

Report

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව  ලබා ගෙන තිබෙනවා.  ඒ ඔහු රඳවා සිටින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදීයි. 

ඔහුට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වු අතර ඔහුට එම බන්ධනාගාරයේම ප්‍රතිකාර ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ලැබුණා.  සුව වී මාසයකට අධික කාලයක් ගත වීම හේතුවෙන් ඊයේ රන්ජන් රාමනායක මෙලෙස කොරෝනා එන්නත ලබා ගෙන තිබෙනවා. මේ අතර රන්ජන් රාමනායකට අද දිනයේ නිදහස හිමිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සඳහන් කර තිබුණා. 

  කෙසේවෙතත් නෙත් නිවුස් කළ සොයා බැලීමේදී අනාවරණ වූයේ  තවදුරටත් රංජන් රාමනායක අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවයි. රංජන් රාමනායක ජනපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now