පැන්ඩෝරා පත්‍රිකා ගැන රන්ජන් ප්‍රකාශයක් දීමට සූදානම්..ප්‍රබලයන් රැසකගේ රහස් එලියට..!

RAJAPAKSHA RANJAN RAMANAYAKA PANDORA PAPERS NIRUPMA THIRU KUMAR NADESAN
By Sithumi Nov 04, 2021 12:51 PM GMT
Sithumi

Sithumi

Report

පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ කරුණු පිළිබඳව බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ රන්ජන් රාමනායක මහතා විසින් කළ ඉල්ලීමකට අනුවයි.ඒ අනුව ඔහු ඉදිරි දිනක කොමිසම හමුවට කැඳවීමට නියමිත බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළේ.

මේ අතර ප්‍රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් හෙළි කළ පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළ අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා.

එම විමර්ශන තවදුරටත් සිදු කරන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය සඳහන් කළේ. තිරුකුමාර නඩේසන්ගේ බැංකු කටයුතු සහ රාජ්‍ය ආයතන මගින් ලබා ගත් ලියිකියවිලි විමර්ශන කණ්ඩායම් අධ්‍යනය කරමින් ඇති බව ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එම ඉල්ලීම් ලිපිය පහතින්... 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery