රන් සමනල ජෝඩුව වාගේ ගීතයත් එක්ක රන්ජාට තහනමක්.. ගෙව්වා මදිලු මැරෙනකම් ගෙවන්න වෙනවාලු - රන්ජන්ගේ සටහනට බුකිය කැළඹෙයි

Report

ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කර ඇති සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැකි කතාබහට ලක්ව ඇත.

ඒම සටහනෙන් ඔහු විමසා ඇත්තේ වසර 1990 දී තමන් සියලු ගෙවීම් සිදු කර නිෂ්පාදනය කරමින්, ගායනයෙන් හා රංගනයෙන් දායක වූ අතිශය ජනප්‍රිය ‘රන් සමනළ ජෝඩුව වාගේ’ ගීතය වේදිකාවේ ගායනා කිරීම තමන්ට තහනම් ද යනුවෙන්.

එසේම තමන් විසින්ම නිෂ්පාදනය කළ නිර්මාණයක් සම්බන්ධයෙන් මෙවැනි තහංචියක් පැනවීම සාධාරණ දැයි රසික ප්‍රජාවගෙන් ප්‍රශ්න කරන ඔහු ඒ පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

චුට්ටක් චුට්ටක්... කිය කිය හිටපු යොහානි එක රැයෙන් මුළු ඉන්දියාවම හොල්ලයි - පිස්සු වැටුණු රසිකයින්ගෙන් නොහිතපු තෑග්ගක්

චුට්ටක් චුට්ටක්... කිය කිය හිටපු යොහානි එක රැයෙන් මුළු ඉන්දියාවම හොල්ලයි - පිස්සු වැටුණු රසිකයින්ගෙන් නොහිතපු තෑග්ගක්

ඊට අමතරව ඔහු පෙන්වා දෙන්නේ අදාළ ගීත නිර්මාණය කළ අවධියේදී ඊට අදාළ ශබ්දාගාර ගාස්තු, වාදක මණ්ඩලයේ ගාස්තු, ගීත රචකයා සහ සංගීත අධ්‍යක්ෂවරයා ඇතුළු සියලු පාර්ශ්වයන් වෙත කළ යුතු ගෙවීම් එකවර සම්පූර්ණයෙන්ම පියවූ බවයි.

එසේ වුවත් එම එකවර කළ ගෙවීම් ප්‍රමාණවත් නොවන බවත්, ජීවිත කාලය පුරාම ඒ සඳහා අඛණ්ඩව ගෙවීම් සිදු කිරීමට සිදුව ඇති බවත් සඳහන් කරන රන්ජන් රාමනායක මහතා, මේ වන විට තමන්ට එම ගීතය ප්‍රසංග වේදිකාවල ගායනා කිරීම ගැටළුවක් වී ඇති ඇති බව ද සිය සටහන මඟින් හෙළි කර තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් කලාකරුවන්ගේ බුද්ධිමය දේපළ, ප්‍රකාශන හිමිකම් හා කර්තෘභාග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් පවතින පසුබිමක, රන්ජන් රාමනායක මහතා සිදු කර ඇති මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ සහ කලා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

කුකුළු මස් හා බිත්තර ගැන නරක ආරංචියක් - මිල ඉහළ යෑමේ අවදානමක්

කුකුළු මස් හා බිත්තර ගැන නරක ආරංචියක් - මිල ඉහළ යෑමේ අවදානමක්