විදුලි සේවකයන්ට තර්ජනය කළ රංජන් ජයලාල්ට පැමිණිල්ලක් සල්ලි එකතු කරලා කාර් එකකුත් අරන් දීලා
පසුගියදා කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් විදුලි සේවකයන්ට දුරකථනයෙන් සිදුකළ බව කියන තර්ජනයට අදාළව වහාම පරීක්‍ෂණයක් සිදු කරන ලෙස එල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව අද පෙරවරුවේ සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත විසින් පොලිස් මූලස්ථානය වෙත පැමිණ මෙම පැමිණිල්ල භාරදී තිබේ.
ඔහු ඉතා දරුණු ආකාරයෙන් ජීවිතයට තර්ජනයක් වන ආකාරයේ වචන පවසමින් මෙම තර්ජනය සිදු කර ඇති බවට හඬ පට මගින් තහවුරු කිරීමට ඔවුන් එම හඬ පට ද මාධ්‍ය වෙත මුදා හැර තිබුණි.
ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී රංජන් ජයලාල් සිදුකළ බව කියන ප්‍රකාශය ගැන විමසා සිටි විට, කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් එයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස සඳහන් කර සිටි බවත්, ඒ අනුව තමන් පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි ඔහු පවසා සිටියේ. විදුලි සේවකයින්ගෙන් රුපියල් 500 බැගින් ලක්ෂ 32 ක් එකතු කර රංජන් ජයලාල් හට කාර් රථයක් ලබාදී ඇති බවත් ඔහු එහිදී සඳහන් කර සිටියා. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට ඉඩ ලබා දෙන ආණ්ඩුවට පවසන බවයි සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.